නැගෙනහිර ජර්මනියේ සැක්සොනි ප්‍රාන්තයේ නාඳුනන 61 හැවිරිදි පුද්ගලයෙකුට අවම වශයෙන් කොවිඩ්-19 එන්නත් මාත්‍රා 87ක් විදෙගන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
සමහර අවස්ථාවලදී, ඔහු එක් දිනක් තුළ මාත්‍රා තුනක් පමණ ලබා ගත් බව විශ්වාස කෙරේ.
සැක්සොනි හි රතු කුරුස ශාඛාවකින් ලැබුණු පැමිණිලි අනුව ජර්මානු බලධාරීන් මෙම පුද්ගලයා පිළිබඳව විමර්ශනය කරමින් සිටින බව හෙළිවෙයි.