මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා තමන් ධූරයෙන් ඉවත් වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව නිල ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.
සියලු ඇමතිවරු ඉල්ලා අස්වීම් ලිපි බාරදී ඇති මේ අවස්ථාවේදී තමන් ද ශ්‍රී ලංකා මහ බැංකු අධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමාට යොමුකොට ඇති බවයි එහි සඳහන් වන්නේ.