ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ තව දුරටත් එම ධුරයේ තබා ගන්නවාද නැතහොත් වෙනත් අයෙකු පත් කරනවාද යන්න සම්බන්ධව කැබිනට් මණ්ඩලය විසින් අද (28) තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වනවා.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් එහි අධ්‍යක්ෂ ජනරාල් ධුරය හොබවන ෂර්මිලා රාජපක්ෂට දෙපාර්තමේන්තුවේ ආයතනවලට නොපැමිණෙන ලෙස අමාත්‍යාංශය විසින් පසුගියදා දැනුම්දී තිබූ අතර එය ලිඛිතව ඇයට දැනුම්දී තිබියදී, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආයතනවලට වරින් වර ගොස් තිබූ බවයි දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.
ඉකුත් බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවක්ද පැවැත්වූ ඇය ජනමාධ්‍යවලින් තමන්ට සහාය දෙන්නේ තමන්ගේ පොත්ත සුදු නිසා බව විෂය භාර අමාත්‍යවරයා පැවසුවේ යැයි ද කියා සිටියා.