තම පෙම්වතිය ඝාතනය කර කැලණි ගඟට දැමූ පෙම්වතෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විසින් පෙම්වතිය ගම්පහ දොරණාගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට රැගෙනවිත් එහිදී අමානුෂික ලෙස තරුණියගේ ගෙළ සිරකර ඝාතනය කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි වියේ පසුවූ වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියකි.
පසුගිය 16 වනදා මෙම ඝාතනය සිදුව ඇති අතර එම අවස්ථාවේ සැකකරුගේ නිවසේ කිසිවෙකු නොසිට ඇති බව ද හෙළිවී තිබේ.
පසුව තරුණියගේ මව්පියන් තම දියණිය අතුරුදන්ව ඇති බවට වැල්ලම්පිටිය පොලිසියට පසුගියදා පැමිණිල්ලක් කර ඇත.
එම අවස්ථාවේ සැකකාර තරුණයාද තම පෙම්වතියගේ මව්පියන් සමඟ පැමිණිල්ල සිදුකිරීම සඳහා පොලිසියට ගොස් තිබීම ද විශේෂත්වයකි.