ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් දස දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාසවලින් ඉවත් කිරීම අතරමග නැවතී ඇතැයි වාර්තා වේ.
එම ඇමැතිවරුන් ඉවත් කිරීම මෙසේ නැවතී ඇත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඊට අදාළ වාර්තාවක් ලබාදීම දිගින් දිගටම ප්‍රමාද කිරීම නිසා යැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මෙසේ ලබාදීම ප්‍රමාද කර ඇතැයි පැවසෙන්නේ සමිට් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගත් ඇමැතිවරුන්ගේ විස්තර ඇතුළත් ලයිස්තුවයි.
එම ලැයිස්තුව ලැබෙන තුරු මන්ත්‍රීවරුන් ඒ නිවාස සංකීර්ණයෙන් ඉවත් කිරීමට නොහැකිවී ඇති බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
එම වාර්තාව ලබා දෙන්නයි පාර්ලිමේන්තු බලධාරීන් සිහි කැඳවීම් ගණනාවක් කර ඇතත් වාර්තාව ලබාදීම ප්‍රමාද කරමින් සිටින බව වාර්තාවේ. කිසියම් බලධාරියෙකුගේ බලපෑම මත වාර්තාව ලබා ලබාදීම ප්‍රමාද කරන්නේ දැයි සැකයක් මතුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. නිවාස නොමැති මන්ත්‍රීවරුන්ට කොළඹින් නිවාස සැපයීම, ඇමතිවරුන් පිරිස මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාසවලින් ඉවත් කිරීම ප්‍රමාදවීම නිසා ගැටලුකාරීවී ඇතැයි දැනගන්නට ඇත