අරලියගහ මන්දිරයේ අද පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඇතුළු පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් අතර උණුසුම් මත ගැටුමක් ඇති වූ බව වාර්තා වේ.
රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් වසංගතය පමණක් නොවන බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කැටගොඩ මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂරැස්වීමේ දී විරෝධය පළ කිරීමත් සමග මෙම මත ගැටුම හටගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කැටගොඩ මන්ත්‍රීවරයාට අමතරව රෝහිත අබේගුණවර්ධන ,එස් .ඒ .ඩ් ජගත් කුමාර ,තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ද මේ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇතැයි දැනගන්නට තිබේ.