පනාමුර මුල්ඇඩියාව ප්‍රදේශයේදී කැත්තකින් හා පොරොවකින් පහරදි තම 41 හැවැරිදි සහෝදරයා ඝාතනය කළ අවුරුදු 27ක සහෝදරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මරණයට පත්ව ඇති පුද්ගලයාගේ දරුවෙකු සැකකරුගේ නිවසේ සිටින බල්ලෙක් සපා කෑම හේතුවෙන් ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුව තිබේ.
මරණකරු මුලින්ම සැකකරුගේ බිරිඳට තියුණු ආයුධයකින් පහරදීමක් සිදුකර ඇති එයින් තුවාල ලැබූ සැකකරුගේ බිරිඳ ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
තම බිරිඳට පහරදීම හේතුවෙන් මෙසේ සැකකරු පොරොවකින් හා කැත්තකින් තම සහෝදරයට පහරදි ඝාතනය කර තිබේ.
සැකකරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.