උපකාරක පන්තියකදී 13 හැවිරිදි දැරියකගේ ළැම ප්‍රදේශය සහ රහස් ප්‍රදේශය අත ගෑ බව කියන උපකාරක පන්ති ගුරුවරයකු අත්අඩංගුවට ගෙන පානදුර දකුණ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 9දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පානදුර අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු එන්. සිල්වා මහතා නියම කළේය.
පානදුර, ජයතිලක මාවතේ පදිංචි 36 හැවිරිදි ගණිත විෂය උගන්වන පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු මෙහිදී රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණි.