විසිහතර හැවිරිදි තරුණියකට සුපිරි වර්ගයේ මෝටර් රථයක් හා පවුම් මිලියනයක ත්‍යාගයක් ලැබී ඇති බවට පවසා එම තරුණියගෙන් රුපියල් එකොළොස්ලක්‍ෂ හතළිස්එක්දහසක මුදලක් වංචා කළ පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (30දා) අත්අඩංගුවට ගත් බව මොනරාගල විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය පැවැසීය.
අත්අඩංගුවට පත් සැකකරුවන් මොරටුව කොරලවැල්ල හා මොරටුව ජෝන් වීදිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.
මෙම මුදල් වංචාව ඉකුත් වසරේ දෙසැම්බර් මස 15ත් – 21ත් අතර කාලයේ සිදුව ඇතැයි පොලිසිය පැවැසීය.
මොනරාගලතිඹිරිගස්පිටිය ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාර තරුණියට සැකකරුවන් විසින් විද්‍යුත් තැපැල් පණිවුඩයක් ඇගේ ජංගම දුරකථනයට යොමු කර ඇය සුපිරි වර්ගයේ මෝටර් රථයක් හා පවුම් මිලියනයක ත්‍යාගයක් හිමිකරගෙන ඇති බව දන්වා ඇත.
එම මෝටර් රථය හා අදාළ තෑගි මුදල ගෙනත්දීම සඳහා සැකකරුවන් ඇගෙන් රුපියල් එකොළොස්ලක්‍ෂ හතළිස් එක්දහසක මුදලක් වියදම් වශයෙන් වැය වන බව පවසා එම මුදල සැකකරුවන්ගේ ගිණුම්වලට බැර කරවාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කෙසේ නමුත් එම ලබාදෙන බව පැවැසූ මෝටර් රථය හා අදාළ තෑගි මුදල් නොලැබීමෙන් තමන් රැවටීමකට ලක්වී ඇති බව අවබෝධ වී ඇති මෙම තරුණිය මේ පිළිබඳව මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිලි කර ඇත