ගස් කැපීම සඳහා උපයෝගී කරගන්නා යාන්ත්‍රික කියතකින් පුද්ගලයකුගේ කකුලක් කපාදමා ඝාතනය කිරීමේ සිද්ධියක් කටුගස්තොට පොලිසිය කියයි.
පුද්ගලයන් දෙදෙනෙකු අතර වැටක මායිමක් සම්බන්ධයෙන් පෙරේදා (30) සවස ඇතිව තිබෙන බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් එක් අයකු ඔහු සතුව තිබූ යාන්ත්‍රික කියත පණගන්වා මියගිය අයගේ කකුල වෙන්වෙන ලෙස එල්ල කොට ඇති අතර ඉන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ .
එසේ මියගොස් ඇත්තේ ප්‍රදීප් ප්‍රසන්න (28) නැමැති අවිවාහක පුද්ගලයෙකි .
ප්‍රහාරය සඳහා යොදාගත් බව කියන යාන්ත්‍රික කියත සහ සැකකරු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා මියගිය අයගේ බාප්පා බව ද ඔහු වෘත්තියෙන් ගස් කපන්නකු බවද පොලීසිය කියයි