පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය සභාවට අයත් ගලි බවුසරය තුළ තිබියදී ටී81 වර්ගයේ ජීව උණ්ඩ 85ක් හමුව ඇතැයි පුලස්තිපුර පොලිසිය පවසයි.
එම ප්‍රාදේශි සභාවේ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙකුට ඊයේ (27දා) පස්වරුවේ දීමෙය හමුව ඇති අතර මීට වසරකට පෙර පුනානි යුද හමුදා කඳවුරේ සේවයට යෙදවීමෙන් පසුව මෙහි ගෙනවිත් නැවත සේවයේ යෙදවීම සඳහා පිරිසිදු කිරීමේ කටයුතුවලට භාවිතා කිරීම සඳහා මෙය පිරිසිදු කරන විට දී හමු ඇතැයි පරීක්ෂණ සිදුකරන පුලස්තිපුර පොලිසිය සඳහන් කළේය
ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පුලස්තිපුර පොලීසියට දැන්වීමෙන් අනතුරුව මෙම ජීව උණ්ඩ තොගය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් රැගෙන ගොස් පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි පුලස්තිපුර පොලිසිය පැවසීය.