සංචාරක වරායක් ලෙස ගාලු වරාය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ආයෝජකයින් දැනුවත් කිරීමට ශ්‍රීලංකා වරාය අධිකාරිය පියවර ගෙන ඇත.
මෙහිදී වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ ගාල්ල වරාය ආශ්‍රිතව නව දිය කඩනයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ අනුව හෙක්ටයාර 40ක් වරායට හිමි වන අතර අමාත්‍යවරයා පැවසුවේ කොළඹ වරාය නගරය මෙන් එම ප්‍රදේශය සංචාරක ක්ෂෙත්‍රය ට අදාල ව හෝටල් සහ සාප්පු සංකීර්ණ ඉදිකොට දේශීය ආයෝජකයින් මගින් නව සංවර්ධනයක් ඇතිකරන බවයි.