අවුරුදු 15 මාස 11 වයසැති පාසල් ශිෂ්‍යාවක් ඇයගේ පෙම්වතා ඉකුත් 22 දින නිවෙසට කැඳවාගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 18 හැවිරිදි තරුණයෙක් සහ ඊට අනුබල දුන් ඔහුගේ මව කුඩාඔය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අතවරයට ලක්වූ දැරිය ඉකුත් 22 වැනිදා දහවල් පෞද්ගලික උපකාරක පන්තියකට යන බව පවසමින් නිවෙසින් පිටව ගොස් ඇත. ආපසු නොපැමිණීම නිසා සොයා බැලීමේදී ඇය ඇතිලියවැව, තෙළුල්ල පදිංචි ඇයගේ පෙම්වතා සමඟ ගොස් ඇති බව අනාවරණය වී ඇත.
පෙම්වතාගේ නිවසේදී ඇය සමඟ අඹුසැමියන් ලෙස හැසිරීමට සැකකරුගේ මවත් අනුබල දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති අතර අතවරයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත.