පෞද්ගලික උපකාරක පංතියකට යමින් සිටී 14 හැවිරිදි පාසල් සිසුවකුට පිය පුතු යුවලක් යතුරුපැදියකින් පැමිණ අමානුෂික ලෙස පහරදුන් බවට ලද පැමිණිල්ලක් අනුව 17 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසනවා.
නාගොඩ සෙන්ට්‍රල් හන්දියේ පදිංචි නිශාන්ත පුෂ්පකුමාර වික්‍රමාරච්චි යන අය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පහරදීම සිදුවූ බව කියන ස්ථානයේ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී යතුරු පැදියෙන් පැමිණ පහර දෙන අයුරු පටිගත වී ඇති අතර , පහරදීමට පැමිණි බව කියන පියා හමුදාවේ රාජකාරි කරන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පවසනවා.
පෞද්ගලික උපකාරක පංතියක දී පෙරදින ඇතිවූ කතා බහක් පහරදීමට මූලික හේතුව බවට හඳුනාගෙන ඇති බව පරීක්ෂණ සිදුකරන පොලිස් නිලධාරියෙක් කීය . පහරදීම සිදුකළ සිසුවාගේ මව ද කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක රාජකාරි කරන බවද වාර්තා වනවා.