එතනෝල් ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ව්‍යාපාරිකයෙකුට ගුවන්තොටුපළ ප්‍රභූ පර්යන්තය භාවිත කිරීමේ පහසුකම් සලසා දීමට රාජ්‍ය අමාත්‍යවරයෙක් විසින් කටයුතු කළ බවට වාර්තාව වූ සිද්ධිය සම්බන්ධ විමර්ශන වාර්තාව මේ වන විට ජනාධිපතිවරයාට භාරදී තිබෙන බව වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා අවශ්‍ය සීසීටීවී දර්ශන ඇතුළු ඕනෑම තොරතුරක් ලබාදීමට ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බව කටුනායක ගුවන්තොටුපළ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.එච්. චන්ද්‍රසිරි මහතා මාධ්‍යට සඳහන් කළා.
එතනෝල් ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඩුබායි රටට පැන ගොස් සිටි එතනෝල් ව්‍යාපාරිකයෙක්ට ගුවන්තොටුපළ ප්‍රභූ පර්යන්තය භාවිත කිරීමේ පහසුකම් සැලසීමට රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබුණා.