ජනතාවගේ මුදලින් වැටුප් ලබන අය ඊට නිසි ලෙස සේවය ලබා නොදෙන්නේ නම් ඔවුන් ඊළඟ ආත්මයේ උපදින්නේ ගෙම්බන් හා කපුටන් වී බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග පැවැසීය.
ලබන වැටුපට සාධාරණය ඉටු කිරීම ඔවුන්ගේ යුතුකම හා වගකීම බව ඇමැතිවරයා කීය.
අභ්‍යාසලාභී උපාධිධාරී රැකියා වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවත් වත්මන් රජය උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී ඔවුන්ගේ පක්ෂ පාට සලකුණු නොබැලූ අතර රැකියා ඉල්ලා පාරේ උද්ඝෝෂණය කළ 3%කට අයත් උපාධිධාරීන්ටද මෙම රැකියා ලැබුණු බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම උපාධියක් ලබා ගත් සියලු දෙනාටම රැකියා ලැබිය යුතු බව ආණ්ඩුවේ ස්ථාවරය බවද රණතුංග මහතා කීය.
රජයේ අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීමේ වැඩසටහන යටතේ මිනුවන්ගොඩ ආසනයේ අභ්‍යාසලාභී උපාධි පත්වීම්ලාභීන් සඳහා ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය