අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි කාන්තාවක් සියදිවි හානිකර ගෙන ඇති බව වාර්තා වනවා.
පොලීසිය පැවසුවේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහළේ ජනේලයකින් එළියට පැන ඇති බවයි.
රුපියල් මිලියන 60ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා 46 හැවිරිදි එම කාන්තාව CIDය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.