චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදි පිළිගැනීම සිදු කළේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයායි.
ඒ සම්බන්ධයෙන් ඔහු ෆේස්බුක් සටහනක් ද තබා ඇති අතර චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේදි තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවයි එහිදී සඳහන් කර ඇත්තේ.
චීන විදේශ අමාත්‍යවරයාගේ පැමිණීම සම්බන්ධයෙන් විවිද අදහස් පළ වෙමින් ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
නාමල් තැබූ සටහන සහ ඡායාරූප පහතින් දැක්වෙනවා.






