මහනුවර ගැටඹේ දෙවන රාජසිංහ මාවතේ පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක වායු සමීකරන යන්ත්‍රයක ගෑස් නළයක් පිපිරීමෙන් එය අලුත්වැඩියා කරමින් සිටි කාර්මිකයකු මියගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.
එසේ මියගොස් ඇත්තේ 21 ක් හැවිරිදි මොහොමඩ් ශ්‍යාම් නමැති තරුණයකු බව පොලිසිය කියයි.
හෝටලයේ තෙවන මහළේ භෝජනාගාරයේ පිහිටි කොටසේ මෙම පිපිරුම සිදුව ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරික්ෂණ පවත්වයි. එම වායු සමීකරණ යන්ත්‍රය අලුත්වැඩියා කරමින් සිටියදී එය පුපුරා ගොස් ඇති බවද පොලිසිය කියයි