වැලිමැස්සාගෙන් හටගන්නා “ලීස්මෙනයිසීස්“ නමැති රෝගී තත්ත්වය හම්බන්තොට දිස්ත්‍රික්කය හිස ඔසවමින් තිබෙන බව හම්බන්තොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ටී.එම්.ජී. පටබැඳිගේ මහත්මිය පැවසුවාය.
හම්බන්තොට ආපදා කළමනාකරණ ඒකකය මඟින් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය මෙසේද පැවසුවාය.
මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම, අම්බලන්තොට, බෙලිඅත්ත, වලස්මුල්ල, තංගල්ල හා මිද්දෙණිය ප්‍රදේශවලින් වැලි මැස්සාගෙන් හටගන්නා “ලීස්මෙනයිසීස්“ රෝගීන් බහුලව වාර්තා වෙනවා. ඒ අනුව දිනකට 50ත් 60ත් අතරේ රෝගීන් පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල්වලට පැමිණෙනවා. බහුලව තෙතමනය සහිත ස්ථානවල මෙන්ම කුණු ගොඩවල් ආශ්‍රිතව තමයි මෙම මැස්සන් වැඩි වශයෙන් දැකිය හැක්කේ.
මෙහි ඇති වෙන රෝගී තත්ත්වය තමයි මෙම වැලිමැස්සා විසින් සපාකන ලද ස්ථානවල කාලයක් පවත්නා තුවාල ඇති වීම. මේ නිසා දීර්ඝ කාලයක් තිස්සේ සුව නොවන තුවාල ඇත්නම් වහාම ළඟම ඇති රෝහලක් වෙත ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
එමෙන්ම එවැනි තුවාල සහිත රෝගීන් අපි චර්ම රෝග සායන සඳහා යොමු කිරීමටත් පියවර ගෙන තිබෙනවා. එහිදී අප එන්නතක් ලබාදීම සිදුකරනවා. ඉන් මේ වැලිමැස්සාගෙන් බෝ වන රෝගය සුවකර ගැනීමට හැකි වෙනවා ” යැයිද ඇය පැවසුවාය.