දිගන නව නගරයේ ඉදි කොට ඇති බුදු කුටියට කිසියම් පුද්ගලයකු විසින් ගල් ප්‍රහාරයක් එල්ල කොට ඇති බව වාර්තා වෙයි.
එම ගල් ප්‍රහාරය හේතුවෙන් බුදු කුටිය ආවරණය වීම සඳහා යොදා තිබූ වීදුරුවට අලාභානි සිදු වී ඇති අයුරු දක්නට ඇත.
දිගන නව නගරය ආරම්භ වන ස්ථානයේ ඉදිකොට ඇති මෙම බුදු කුටියට පෙරේදා (27) අළුයම් කාලයේ එම ගල් ප්‍රහාරය එල්ල වී ඇති අතර තෙල්දෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .