ඩිංගි යාත්‍රාවකින් පැමිණ කිලිනොච්චිය , පුනරින් කෞදාරිමුනෙයි මුහුදේ දියනා විනෝදවෙමින් සිටි තරුණයකු කපා කොට ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක හා තවත් පුද්ගලයින් තිදෙනකු අද (28) යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව පුනරින් පොලිසිය කියයි.
ඉකුත් 26 වැනිදා අලිමංකඩ සිට පැමිණි තරුණයින් පිරිසක් කෞදාරිමුනෙයි මුහුදේ දියනාමින් විනෝදවෙමින් සිටියදී ඩිංගි යාත්‍රාවකින් සැකකාරිය ඇතුළු පිරිස පැමිණ ඇති බවත් පසුව ඔවුන් එම තරුණයින්ට බැනවැදී පහරදී ඇති බවත් විමර්ශනවලදී අනාවරණයවූ බව පොලිසිය සඳහන් කළේය.
පහරදීම අතරතුර එක් අයකු විසින් තියුණු ආයුධයකින් තරුණයකු කපාකොට ඇති බවත් එම තරුණයා බරපතල තුවාල ලබා රෝහල් ගතකරන අවස්ථාවේ මියගොස් ඇති බවත් වාර්තා විය.
අත්අඩංගුවටගත් සැකකරුවන් යාපනය ගුරුනගර් පදිංචිකරුවන් වනවා.