ජා ඇල, දෙහියාගාත ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්ව මියගොස් සිටි පුද්ගලයකුගේ ගුද මාර්ගයේ තිබී ඇසුරුම් කරන ලද හෙරොයින් යැයි සැක මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක් පමණ සොයාගත් බව පොලිසිය පවසයි.
යතුරුපැදියක පැමිණ මහමග මියගොස් සිටි එම පුද්ගලයා සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය කර මූලික පොලිස් සාක්ෂි විභාගයේදී අදාළ මත්ද්‍රව්‍ය පිළිබඳ අනාවරණය වී තිබේ.
අදාළ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා මත්ද්‍රව්‍ය ප්‍රමාණය අධිකරණයට ඉදිරිපත් කර රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය.