දකුණු චීනයේ හයිනාන් පළාතේ සන්යා හිදී පැවැත්වෙන දියකිඳුරි තරගාවලියක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.
එරට පළාත් පාලන සහ රාජ්‍ය ආයතන සමග එක්ව පවත්වනු ලබන මෙම සිව්දින තරගාවලිය සඳහා පිරිමි ඒකල, කාන්තා ඒකල සහ මිශ්‍ර කණ්ඩායම් ලෙසින් ඉසව් කිහිපයක් එක්කර තිබෙනවා.
මෙවර තරගාවලිය සඳහා දියකිඳුරියන් ලෙස සැරසුණු තරගකාරියන් 40කට වැඩි පිරිසක් සහභාගී වී සිටි අතර විශේෂ කිමිඳුම් තටාකයක ඔවුන් දැක්වූ නර්තනයන් සහ චලනයන් මෙන්ම, ඔවුන්ගේ සුවිශේෂී දියකිඳුරු ඇඳුමද මෙහිදී ඇගයීමට ලක් වුණා.



