මාතලේ පල්ලේපොල, පොල්වත්ත ප්‍රදේශයේ සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් අයියා විසින් සිදු කළ පහරදීමකින් මල්ලී මරණයට පත්ව ඇත.
මෙසේ මරණයට පත්ව ඇත්තේ සැලගම පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි සනත් ජයසිංහ නැමති 27 හැවිරිදි එක්දරු අයෙකි.
වැඩිමහල් සහෝදරයාගේ නිවසේදී මෙම ඝාතනය සිදු ව ඇති අතර කාලයක් තිස්සේ දෙදෙනා අතර ආරවුල් තිබී ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ඇති බව වාර්තා වෙයි.