රූමත් දෙදරු මවක වේයන්ගොඩ හිග්ගොල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක තබා ගෙන ගණිකා වෘත්තියේ යෙදවූ බව කියන සිද්ධියක් සම්බන්ධව එම හෝටලයේ සේවකයකුට සහ දෙදරු මවට පහර දුන් බව කියන ඇයගේ සැමියා අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය සඳහන් කළේය.
දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන රූමත් විවාහක කාන්තාවක් සමග කිසියම් පුද්ගලයෙකු ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇයව වේයන්ගොඩ හෝටලයකට රැගෙන විත් මුදල් ඉපයීම සඳහා ගණිකා වෘත්තියේ යෙදවූ බව කියමින් ඊයේ (19) පස්වරුවේ පහර දීම සිදු කොට තිබේ.
එම කාන්තාවගේ සැමියා හෝටලයට පැමිණ පළමුව එම කාන්තාවට පහරදී ඇති බවත් ඒ අවස්ථාවේ එහි සේවකයෙකු පහරදීම වීඩියෝ ගත කළා යැයි කියමින් ඔහුටද පහර දීමෙන් අනතුරුව හෝටලයටද පහරදී අලාභ හානි සිදු කොට පලා ගොස් සිටියදී අත් අඩංගුවට ගත් බවයි පොලීසිය කියා සිටියේ.