කාන්තාවන් විසි දෙනකු මේ වසර තුළ සිරුරට ගිනි තබා ගෙන ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.
කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරික්ෂක ඉරේෂා සමරවීර මහත්මිය පැවැසුවේ මොවුන් අතරින් 19 දෙනකුට අවුරුදු 20 – 30 අතර විවාහක කාන්තාවන් බවයි.
ඔවුන් අතරින් සියයට 99 ක්ම සිරුරට ගිනි තියාගෙන ඇත්තේ ස්වාමි පුරුෂයා බිය කිරීමට බවත් සියදිවි නසා ගන්නා අදහසක් තිබී නැති බවත් ඔවුන්ගේ මරණ පිළිබඳ කළ පශ්චාත් මරණ පරික්ෂණවල දී අනාවරණය වී යැයි කී සමරවීර මහත්මිය, මේ සියලු දෙනා ගිනි තබා ගත් මොහොතේ සිට බේරාගන්නැයි අන් අයගෙන් ඉල්ලා ඇති බව ද අනාවරණය වූ බව කීවාය.
සියයට පණහ ඉක්මවා පිලිස්සුම් තුවාල ඇති රෝගින් බේරාගැනීමේ අවදානමක් ඇති බවත්, මේ සියලු දෙනා මිය යන මොහොත තෙක් ඉතා හොඳ සිහි කල්පනාවෙන් සිට ඇති බවත් ඇය පැවැසුවාය.
සාමාන්‍යයෙන් ශරීරයට ගිනි ඇවිළුණු විට ගින්න නිවා දැමීම අපහසු වන්නේ සමට යටින් ඇති තෙල් තට්ටුව ගින්නට හොඳ උත්ප්‍රේරකයක් වන බැවින් යැයි කී මරණ පරික්ෂකවරිය දර කැබැල්ලකට වඩා ඉක්මණින් ඇවිලෙන්නේ ඒ නිසා යැයි ද පෙන්වා දුන්නාය.
මේ නිසා අනුන් බිය කිරීමේ අරමුණි්න් හෝ ගිනිතබා ගැනීමක් කරන්නට තබා සිතන්නට වත් සුදුසු නැතැයි ද ඇය සඳහන් කළාය