දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
වෛද්‍ය උපදෙස් මත එම පියවර ගෙන ඇති බවයි එම වාර්තා මගින් සඳහන් වන්නේ.
මේ අනුව සම්පන්දන් මහතා දේශපාලන සාකච්ඡා, මාධ්‍ය සාකච්ඡා හා අමුත්තන් හමුවීම යනාදී කටයුතුවලින් තාවකාලිකව ඉවත් වනු ඇත.
ඔහු ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් ඉවත්වී ඇතත් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී හෝ පක්ෂ නායකත්වයේ වැඩබැලීමට කිසිවකු පත් කර හෝ නැතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි
සම්පන්දන් මහතා පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි.
ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් මුලින්ම පත්වූයේ 1977 වර්ෂයේදීය.