ලබන වසර මුල කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් සිදු කිරීමට රජය බලාපොරොත්තුවෙන් පසුවන බව සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.
මේ යටතේ ප්‍රධාන පෙළේ ඇමැතිධුර කිහිපයකද වෙනස්වීම් සිදුකෙරෙනු ඇතැයි ද එහි සඳහන් කර ඇත.
ලබන වසර ආරම්භයේදී රජයේ වැඩපිළිවෙළ නව ජවයකින් සහ වේගවත්ව ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති අතර කැබිනට් මණ්ඩලයේ මෙම සංශෝධනය සිදු කෙරෙන්නේද ඊට සමගාමීව බව පුවත්පත් වාර්තා වේ සඳහන් වේ.