විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල තුනක් වසා දැමීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව විදේශ අමාත්‍යාංශය විසින් නයිජීරියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය ,ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සහ සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය වසා දැමීමට නියමිතව ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
රජයේ වියදම් කපා හැරීමේ සහ රජය සතු ඇමෙරිකානු ඩොලර් ඉතිරි කර ගැනීමේ පියවරවල කොටසක් ලෙස මෙම ශ්‍රී ලංකා දූත මණ්ඩල වසා දමන බවද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී.