ඉතිහාසයේ ප්‍රථම වරට සූර්යයාගේ ඉහළ වායු ගෝලය ස්පර්ශ කිරීමට අභ්‍යවකාශ යානයකට හැකියාව ලැබී තිබේ.
නාසා ආයතනය සඳහන් කළේ, සූර්යයාගේ ඉහළ වායු ගෝලයට ‘Parker Solar Probe’ නමැති අභ්‍යාවකාශ යානය මෙලෙස ඇතුළු වී ඇති බව ය.
මෙතෙක් කුතුහලයක් ලෙස පැවති සූර්යයාගෙන් නික්මෙන චුම්භක ක්ෂේත්‍ර සහ අංශු පිළිබඳව අධ්‍යයනය කිරීමට එමගින් හැකියාව ලැබී තිබේ.
නාසා ආයතනය සඳහන් කළේ, මෙය මිනිසා පළමු වරට සඳ මත පා තැබීම හා සමාන ඓතිහාසික වැදගත්කමකින් යුතු සිද්ධියක් බව ය.
මෙතෙක් සැඟව තිබූ සූර්යයාගේ රහස් හෙළි කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇතැයි නාසා ආයතනය අපේක්ෂා කරයි.
මීට වසර 3කට පමණ පෙර එනම්, 2018දී පාකර් සෝලාර් ප්‍රෝබ් යානය අභ්‍යාවකාශයට මුදා හැර තිබේ.
සූර්යයාගේ මතුපිට සිට සැතපුම් මිලියන 3.8කට මෙපිටින් ගමන් කරමින් සිටි පාකර් සෝලාර් ප්‍රෝබ් යානය බුධගේ කක්ෂය හරහා ද ගමන් කරනු ඇති බව සඳහන් වේ.
1,377 °C තරම් තාපයකට නිරාවරණය වීමෙන් ආරක්ෂාවීම සඳහා මෙම යානය අඟල් 4.5ක ඝණකමකින් යුතු සුවිශේෂි කාබන් සංයුක්ත ආවරණයක් සහිතව නිර්මාණය කර ඇති බව නාසා ආයතනය පැවසීය