• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
Gossip King
No Result
View All Result
Home Hot Gossip

ඔමික්‍රෝන් ඩෙල්ටා තරම් බිහිසුණු නෑ – ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළි කරයි

December 9, 2021
in Hot Gossip
ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය ආසාදිත තවත් අයෙක් මෙරටින් හමුවෙයි
0
SHARES
45
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඔමික්‍රෝන් වයිරස විකෘතිය, ‘ඩෙල්ටා’ විකෘතිය තරම් බිහිසුණු එකක් නොවේ යැයි දිනෙන් දින තහවුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි.

‘ඔමික්‍රෝන්’ විකෘතිය, බිහිසුණු සංකූලතා හෝ රෝගී තත්ත්වයන් පෙන්නුම් නොකළත්, එය ‘ඩෙල්ටා’ විකෘතියට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අවධාරණය කළේය.

අදවනවිට, ලොව සියයට 90 ක් ‘කොවිඩ් 19’ රෝගීන් ලෙස වාර්තා වන්නේ ‘ඩෙල්ටා’ විකෘති ප්‍රභේදය ආසාදනය වූවන් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සිහිපත් කළේය.

‘ඔමික්‍රෝන්’ විකෘතිය සම්බන්ධයෙන් තහවුරු වූ තවත් කරුණක් නම්, එය පිටපිට කිහිප වතාවක් ආසාදනය වීමට ඇති හැකියාවය.

ඊට අමතරව, මෙතෙක් නිපදවා ඇති ඕනෑම ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතකින් ‘ඔමික්‍රෝන්’ අඩපණ කිරීමට යම්තාක් දුරකට හෝ ප්‍රතිශක්තියක් ලැබෙන බව තම විද්‍යාඥයන් පවසා ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩි දුරටත් පවසා තිබේ.

‘ඔමික්‍රෝන්’ විකෘතිය මුලින් ම හඳුනාගෙන එය බිහිසුණු වයිරස විකෘතියක් යැයි ලොවට හඳුන්වාදීම කළේ දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන්ය. මේ වනවිට ‘ඔමික්‍රෝන්’ සම්බන්ධයෙන් පුළුල් ලෙස දත්ත විශ්ලේෂණය කරමින් සිටින්නේ ද ඔවුන්ය. ඔවුන්ගේ සියලු වාර්තා කඩිනමින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබෙන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන ලොවට කරුණු පැහැදිලි කරයි.

ලොව ප්‍රධාන පෙළේ වයිරස පර්යේෂණ ආයතන සහ වයිරස පිළිබඳ විශේෂඥයන් සිටින්නේ දකුණු අප්‍රිකාවේය. මොවුන් මීට සති කීපයකට පෙර, ‘ඔමික්‍රෝන්’ සම්බන්ධයෙන් බිය පළ කරමින් අනතුරු ඇඟවීම් කළේ විකෘතියේ ජාන විශ්ලේෂණය අනුවය. ඒ අනුව, දකුණු අප්‍රිකාව ඇතුළු අප්‍රිකා රටවල් කීපයක් හුදෙකලා කිරීමට රටවල් රැසක් පියවර ගත්තේය.

‘ඔමික්‍රෝන්’ සම්බන්ධයෙන් බියක් නිර්මාණය වූයේ, මෙතෙක් බිහිවුණු සියලුම ‘කොවිඩ් 19’ විකෘතිවල ගති ලක්ෂණ සහ නව විකෘති ද ඇතුළු විකෘති 50 ක් මුසුවීමෙන් ‘ඔමික්‍රෝන්’ නිර්මාණය වී ඇති බැවින් යැයි ජාන විශ්ලේෂණවලදී තහවුරු වූ නිසාය.

කෙසේ නමුත් මේ වනවිට ‘ඔමික්‍රෝන්’ විකෘතියේ සැබෑ ස්වරූපය සම්බන්ධයෙන් දත්ත ලැබෙමින් පවතී. එය සිතූ තරම් බිහිසුණු විකෘතියක් නොවන බවත් අනවශ්‍ය බියක් හෝ කලබලයක් ඇති කර ගැනීමට අවශ්‍ය නැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් මාධ්‍ය හමුවේ පෙන්වා දුන්නේ ඒ අනුවය

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ප්‍රියන්ත කුමාරගේ අවසන් කටයුතු සිදුවන අයුරු

Next Post

සෞඛ්‍ය අංශ පනවා ඇති නීති කඩ කර ක්ලබ් ගිය අගමැතිනිය

Next Post
සෞඛ්‍ය අංශ පනවා ඇති නීති කඩ කර  ක්ලබ් ගිය අගමැතිනිය

සෞඛ්‍ය අංශ පනවා ඇති නීති කඩ කර ක්ලබ් ගිය අගමැතිනිය

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.