සංදර්ශනයක් සඳහා ඩුබායි යාමට පැමිණි ජනප්‍රිය නිළි ජැකලින් ෆර්නැන්ඩස්ව ඊයේ (05) දිනයේදී මුම්බායි හි ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ආගමන විගමන නිලධාරීන් විසින් රටින් පිටවීම වළක්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
ඇයට එරෙහිව බලාත්මක කිරීමේ ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් අනුව සුකේෂ් චන්ද්‍රශේකර්ට එරෙහි කප්පම් ගැනීම් සහ මුදල් විශුද්ධිකරණය කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට කටයුතු නොකිරීම නිසා ඇගේ විදෙස් ගත වීම වළක්වා ඇති බව වාර්තා වෙයි.