පන්නල, හෙත්තිරිප්පුව ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් ඊයේ (05) සවස පුපුරාගොස් ඇති අතර එම පිපිරීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බව වාර්තා වෙයි.
අදාළ නිවසේ කාන්තාව පවසා සිටියේ, යතුරුපැදි ආරක්ෂක හිස්වැසුමක් පැළඳ සිටීම හේතුවෙන් තමාට කිසිදු අනතුරක් සිදු නොවූ බවය.
“මම උදේ කෑම හදමින් හිටියේ. ලිප ඕෆ් කළා, උය උය හිටපු එක මම ඉවත් කළා. ලොකු ශබ්දයක් එක්ක .ගෑස් ලිප පිපිරුනා. ඇඟට කෑලි විසි වුණා. හෙල්මට් එකක් දාගෙන මේ දවස්වල උයන්නේ. හෙල්මට් එක දාලා තිබුණ නිසා ඇස්වලට ලොකු කරදරයක් වුණේ නැහැ..”