ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකේම ගෑස් සැපයුම තාවකාලිකව අත්හිටුවූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
වර්තමාන වෙලළඳපොළේ ඇති ගෑස්වල සුවඳ වාහන වන ‘එතිල් මර්කැප්ටන්’ නැමැති ද්‍රව්‍ය ඇතුළත්ව නොමැති බවත් ගෑස්වලට එම ද්‍රව්‍ය ඇතුළත්කරන තෙක් සැපයුම අත්හිටුවන ලෙස අදාල සමාගම්වලට උපදෙස් දුන් බවත් අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කළේය.
ගෘහස්ථ ගෑස්වල සංයුතිය වෙනස් කිරීම පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (02) රාත්‍රී පැවැතී විශේෂ සකච්ඡාවේදී මෙම තීරණයකට එළඹී බව වාර්තා වෙයි.