අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම හේතුවෙන් තම සේවාදායකයා අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් වන්දි අයකර දෙන ලෙස ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අසාත් සාලි මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිමින් ඉල්ලා සිටියේය.
ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් ප්‍රකාශ කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අසාත් සාලි මහතා නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව මෙම වන්දි ඉල්ලීම සිදුකළේය.
අසාත් සාලි මහතාට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කළ නිමල් පියතිස්ස, ගාමිණී වල්ලෙබොඩ හා මොහොමඩ් මුසම්මිල් යන මන්ත්‍රිවරුන්ගෙන් මෙසේ වන්දි ඉල්ලා සිටියේය.