ඔක්කම්පිටිය පොලිස් වසමේ ගල්ටැම්මණ්ඩිය ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි තරුණියක් ඇයගේ පෙම්වතා විසින් බුත්තල ප්‍රදේශයේ ලැගුම්හලකට රැගෙන ගොස් මත්දියර පොවා දූෂණය කොට ඇයගේ නිරුවත් ඡායාරූප ලබාගෙන වීඩියෝ කොට, අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කළ තරුණයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
2021 මාර්තු මාසයේ 16 වැනි දින ඇයගේ පෙම්වතා බුත්තල නිවාඩු නිකේතනයකට කැඳවාගෙන ගොස් කාමරයක නතර වී මත්පැන් දියර වර්ගයක් බීමට සලස්වා ඇයව දූෂණය කරන අයුරු වීඩියෝ ගතකර ඡායාරූපද ලබාගෙන ඇත.
එම දර්ශන ඇයගේ ජංගම දුරකථනයට යවා සියලු ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් අවස්ථා කිහිපයකදී මුදල් ලබාගෙන ඇත.
පසුව එම දර්ශන ඇයගේ මවගේ ජංගම දුරකථනයට එවා තිබේ. මේ පිළිබඳව අතවරයට ලක්වූ තරුණිය කොළඹ ළමා සහ කාන්තා කාර්යාංශයට දැනුම්දීමෙන් පසුව ඔක්කම්පිටිය, බුත්තල සහ කුඩාඔය පොලිස් ස්ථානවලට දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.