මුන්දලම දේවාලහංදිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් කොහොඹ ගසක ගැටීමෙන් සිදුවු අනතුරින් 24 හැවිරිදි තරුණියක් මරණයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ දේවාල හංදිය විල්පොත පදිංචි 24 හැවිරිදි තරුණියකි.
තරුණිය තම සොහොයුරා හා මව සමග ත්‍රි රෝද රථයෙන් නුවරඑළිය ප්‍රදේශයට ගොස් එමින් සිටියදී අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
මෙම ත්‍රී රෝද රිය මරණයට පත් තරුණියගේ සොහොයුරා විසින් පදවා ඇති අතර ඔහුට නින්ද යාමෙන් කොහොඹ ගසක ගැටී ඇති බව පොලිසිය සඳහන් කළේය.