ජාත්‍යන්තරය දිනූ ක්‍රිකට් විනිසුරුවරයෙකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ උනන්දුවා ලෙස හැඳින් වූ කුමාර ධර්මසේන දුෂ්කරතා රැසක් මැදින් පැමිණ ජාත්‍යන්තරය ජගත් අයෙකි.
කොතරම් ජාත්‍යන්තරය ජය ගත්තද තවමත් ඔහුට අතීතය අමතක වී නොමැති බව පෙන්වන සටහනක් මේ වන විට ඔහුගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.
වැසි සහිත මේ සමයේ තෙමෙන පුද්ගලයෙකු පිළිබඳ ඡායාරුපයක් දැක කුමාර ධර්මසේන ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණේ මෙවැන්නක්.
“එක දිගට අවුරුදු 5 ක් කිලෝමීටර් සිය ගණන් බයික් එකේ තෙමුනු මට මේ අත්දැකීම පුදුම විදිහට දැනෙනවා. ඒ හැමවෙලේම පාරෙ නොතෙමී යන වාහන දිහා අහිංසක විදිහට බලන් හිටියෙ අල්පෙනෙති තුඩක තරම්වත් ඊරිසියාවකින් නම් නෙමේ. ඒ හැමවෙලේම සිහින දැක්කා මාත් කවදහරි නොතෙමී යනව කියලා.
අද මම නොතෙමී යනවා.ඒත් අදටත් තවත් කෙනෙක් මෙහෙම ඉන්නව දකිද්දි දැනෙන හැඟීම වචන වලින් කියන්න බෑ.මම නොතෙමී යද්දී මගේම එවුන් තෙමීගෙන එද්දී යද්දී පුදුම හැඟීමක්.මට උබලත් එක්ක තෙමෙන්න බැරි වෙයි.ඒත් හදවතින් පතනව හැම මොහොතකම උඹල හැමෝටම මාත් එක්ක නොතෙමී යන්න ඉක්මණටම.”
එමෙන්ම ඔහුගේ මේ සටහන යටින් රන්ජන් පරණවිතාන සටහනක් තබමින් ධර්මසේනගේ පරණ යතුරුපැදිය සිහිගන්වා තිබේ.
එවිට ඊට පිළිතුරු දෙමින් ධර්මසේන සඳහන් කර තිබුණේ තවමත් ඒ යතුරුපැදිය තමන් සතුව ඇති බවයි.

