නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ ගෑස් ටැංකියක් පිපිරී යාමෙන් එම නිවස ගිනිගෙන දැඩි හානි සිදුව තිබේ.
ගෑස් ටැංකිය පිපිරීම සිදුවන අවස්ථාවේ නිවසේ මව සහ ,පියා කුඹුරට ගොස් සිට ඇති අතර වැඩිමහල් දරුවා පාසලටද ,දෙවනි දරුවා ඥාති නිවසකද සිටීම හේතුවෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති බවද වාර්තා වෙයි.
මෙම ගෑස් ටැංකිය පිපිරී ගියේ ගෑස් කාන්දුවකින්ද ,වෙනත් හේතුවකින්ද යන්න පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වෙයි.