දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථ දෙකක රියදුරන් කළුතර ප්‍රදේශයේදී බස් රථ නවතා එම රියැදුරන් දෙදෙනා , බස් රථ දෙකට මාරු වන අයුරු මගියකු ඡායාරූප ගත කර ඇත.
එක් බසයක් කඩවතින් 6.30ට අම්බලන්ගොඩ බලා ගමන් ආරම්භ කර ඇති අතර අනෙක් බසය අම්බලන්ගොඩ සිට කඩවත බලා ධාවනය කළ එකක් බව පැවසේ .
මෙම බස් රථ දෙක දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර ප්‍රදේශයේ දී අතරමඟ නවතා රියදුරන් දෙදෙනා මෙසේ මාරු වී ඇති බවත් ඉන් බස්රථ දෙකෙහි ගමන් ගත් මගීන් විමතියට හා දැඩි අපහසුතාවයට පත්ව තිබූ බවත් පැවසේ .
එහිදී රියදුරන් දෙදෙනා, බස්රථවලින් බැස මාර්ගය මැද සවිකර ඇති ආරක්ෂිත වැට අසල අනාරක්ෂිත ලෙස රැඳී සිට, මාර්ගය හරහා මාරු වී තිබේ.