දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පෞද්ගලික ගබඩාවක තිඛියදී පසුගිය 17 වැනිදා සොයාගත් මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝ හතලිස්දාහක් (40,000) ගබඩා කර තිබූ කන්ටේනරය පසුගිය සැප්තැම්බර් මස හිස් කන්ටේනරයක් ලෙස කොළඹ වරායෙන් පිටවූ එකක් බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවැසීය.
ශීතකරණ පහසුකම්ද ඇති මෙම කන්ටේනර් පෙට්ටිය කොළඹ වරායේ එස්ඒජී පෞද්ගලික අත්‍යන්තයෙන් පිටව ගොස් ඇති බව කී එම නිලධාරියා වරායෙන් පිට වීමෙන් පසුව එම අල තොග එම කන්ටේනර් පෙට්ටියට පටවන්නට ඇති බවට සැක කරන බව ද සදහන් කළේය.
කන්ටේනර් පෙට්ටියක් වරායෙන් එලියට ගිය පසු වරාය අධිකාරියට කිසිදු වගකීමක් නොමැති බවත් එයට පරිභෝජනයට නුසුදුසු අල ගබඩා කළේ කුමන ස්ථානයක දී ද යන්න සොයා නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසියේ සහ එම අල තොගය අත්අඩංගුවට ගත් දඹුල්ල මහනගර සභාවේ වගකීමක් බවත් වරාය අධිකාරිය නිලධාරියා වැඩිදුරටත් කීය.