ශ්‍රී ලංකාවට ආවේනික සහ දුර්ලභ ශාක විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ නාවලකන්ද වනාන්තර පද්ධතියට යාබදව පවතින්නා වූ ගුලවිට උතුර ග්‍රාමසේවා වසමෙන් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ.
Strobilanthes rhytisperma යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම ශාක විශේෂය 1867 වර්ෂයේදී මධ්‍යම පළාත තුළ සහ 1971 වර්ෂයේදී අවසන් වරට කළුතර දිස්ත්‍රික්කයේ රන්වල කැලේ රක්ෂිතය තුළි න් වාර්ථා වී ඇති බවට පර්යේෂණ සටහන් තුල සඳහන් වී ඇතත් සජීවී නිදර්ශක පවතින ස්ථානයක් සොයා ගැනීමට නොහැකිව පැවති ශාක විශේෂයක් වේ.
මෙම ශාක විශේෂය මෙරට වෙනත් කිසිඳු ස්ථානයකින් වාර්තා නොවීම නිසා පර්යේෂණ සටහන් තුලට පමණක් සීමා වූ ශාක විශේෂයක් ලෙස හඳුනා ගෙන තිබුනද ශාක විශේෂයන් පිළිබඳ අධ්‍යයනයෙහි නිරත පරිසර ගවේශකයෙකු වන පේශල පසන් කරුණාරත්න මහතා විසින් මෙම ශාකය වලල්ලාවිට ප්‍රදේශයේදී සොයා ගැනීමෙන් පසුව ශාක විශේෂ පිළිබඳ විශේෂඥයකු වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ මහතා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශාක විශේෂ පිළිබඳ පර්යේෂණයේ යෙදෙන රේණුකා නිලන්ති රාජපක්ෂ මහත්මිය සහ නුවන් චතුරංග ජයවර්ධන මහතා යන පර්යේෂණ කණ්ඩාම විසින් සිදු කල නිරීක්ෂණ මගින් මෙම නෙළු ශාක විශේෂය Strobilanthes rhytisperma බව තහවුරු කරන ලදී



