රිදිගම, පනාගමුව ප්‍රදේශයේ නිවසකදී පුතෙකු තම පියාට යකඩ කූරකින් පහරදී ඝාතනය කර තිබේ.
ඊයේ (15) සවස් කාලයේදී මෙම ඝාතනය සිදු කර ඇති අතර ඝාතනය සිදු කළ සැකකරු මානසික ආබාධයකින් පෙළෙන තත්ත්වයෙන් පෙළෙන අයෙකු බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 62ක් වූ ගෝපාල ගෙදර, පනාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.
පොලිසිය සඳහන් කළේ, ඔහුගේ මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව ය.
ඝාතනය සිදු කරන ලද වයස අවුරුදු 32ක් වන මරණකරුගේ පුතා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවට අනාවරණය වී තිබේ.