තරංග පි‍්‍රයශාන්ත 38 හැවිරිදි දෙදරු පියෙකි. ඔහුගේ පළමු දරුවා පුතෙකි. ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින් සමත් වූ එම එකොළොස් හැවිරිදි පුතා හෝ මේ පියාණන් මේවනවිට ජිවතුන් අතර නැත.
පන්ති ගොස් එන විට කුලියාපිටිය, පරණගම, විලපොල ප්‍රදේශයේ දී වතුරට ගසා ගෙන ගොස් සිටි ඔවුන් දෙදෙනාගේ සිරුරු මේවනවිට සොයාගෙන තිබෙනවා.
මේ ඔවුන් මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම පිළිබඳව තැබෙන සටහනකි.
කුලියාපිටිය, පරණගම, විලපොල කුඹුරු යායම මහ මුහුදක සිරි ගෙන තිබිණි. වෙනසකට තිබුණේ නිල්වන් මහ මුහුද වෙනුවට බොරවූ ජල දහරක් දිස්වීම පමණි. ටියුෂන් පංතිය නිමවී එද්දී විලපොල කුඹුර අසල පාරද යටකර දමමින් මහා ජලකඳ පහළට ඇදී යමින් තිබුණි. බොරදිය බුර බුරා පහළට ගලා යමින් තිබුණත් ඒ ජල ධාරාව හරහා නිවසට යනවා හැර විකල්පයක් ද තිබුණේ නැත.
ජල කඳ නඟන හඬට ගෙම්බන්ගේ හඬත්, කන්කරච්චලයක් වී තිබුණි. දෙපසම මහා ජල කඳකි. යෑමට හැකිවූයේ අඩි කිහිපයකි. අකාරුණික සැඩ පහර දරුවාත්, පියාත් උස්සා දියේ පෙරළා දැමූයේ ඇසිල්ලෙනි. මොන තරම් පිහිනුම් ශූරයෙකුට වුවත් දියේ ගිලෙන අයෙකු බේරා ගැනීම අසීරුය.
මහා සැඩපහර ඔවුන් දෙදෙනාවම විල්පොල කුඹුරු යාය මැද මහා ජලකඳට පෙනී නොපෙනී ගියේ මුළු ගමක්ම හඬවා දමමිනි.
උපකාරක පංතියට ගොස් යළි නිවසට නොපැමිණි සැමියාත්, පුතුත් ගැන විපරම් කළ පසු දැන ගන්නට ලැබුණේ දෙදෙනා විල්පොල කුඹුරු යාය හරහා සැඩපහර හරහා පැමිණ ඇති බවකි. මවගේ නෙතින් ගලා ගියේ කඳුළුය.
මුළු ගමම එකතුවී අතුරුදන් දරුවා සොයා ජලකඳ පීරන්නට පටන් ගත්තේ ඊට පසුවය. සවස 2 පමණ සිට අඳුරු වැටෙන තෙක්ම මොවුන් දෙදෙනා සෙවීමට කටයුතු කරන අතරතුර ඒ මවගේ නෙතින් ගලාගිය කඳුළු ගඟ මහා අනතුරක ලකුණු පෙන්වා දී තිබිණි.
මුලින්ම හමුවූයේ 38 හැවිරිදි පියාගේ නිසල සිරුරය. ඇය වැළහින්නියක මෙන් හඬන්නට ගත්තේ සිහි එළවාගත නොහැකිවය. ඥාති හිතමිත‍්‍රාදීන්ද ඇය සමග හරි හරියට හඬන්නට ගත්තේ මහ වැස්සට ශාප කරමිනි.
‘‘අනේ පුතාට මුකුත් වෙන්නෙ නෑ’’ ඒ මව විටින් විට සිහිසුන් වෙමින් දෙවියන්ට කන්නලව් කළේ එසේ කෑගසමිනි. දරුවා පෙරේදා දිනයේදී හමුවූයේ නැත. අවසානයේ දී අතුරුදන්වූ දරුවා සෙවීම සඳහා නාවික හමුදා සහායද ගැනීමට උත්සාහයක් තිබිණි.
නමුත් ගමේ ග‍්‍රාම නිලධාරිනී නිලූකා ප‍්‍රතාපසිංහ මැදිහත් වී ගමේ තරුණ පිරිසගේ සහාය ලබාගෙන දරුවා සෙවීය.
අවසානයේ දී සියලූ බලාපොරොත්තු සුන්කර දමමින් ඒ දරු පැටියාගේද නිසල දේහය හමුවිය.
මවට තාමත් සිහි එළවාගත නොහැකිය. ඇයට හඬන්නට දැන් කඳුළු නැත. කතා කරන්නට වචන නැත. දැන් ඇයට සිටින්නේ බාල දියණිය පමණි.
ගමේ කොයි කවුරුත් එක්ව ඇගේ හිත හදන්නට උත්සාහ කළත් ඇගේ සිත දුවන්නේම සැමියාගෙත් දරු පැටියාගෙත් මතකයන් වෙතය. ඒ මතකයන් ඇයව වරින් වර සිහිසුන් කර දමන විට මේ වැස්සට දෙස් දෙවොල් තබනවා හැර ගම්මුන්ට වෙන කරන්නට දෙයක් නැත.