කුලියාපිටිය පරණගම විලපොල ප‍්‍රදේශයේ පියකු සහ පුතකු දියේ ගසාගෙන ගොස් ඇති අතර පියාගේ සිරුර හමු වූ බවත් පුතාගේ සිරුර අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් අතුරුදහන් දරුවා උපකාරක පන්තියක සහභාගී වී තම පියාත් සමග නිවෙස බලා එමින් සිටියදී පරණගම් ඔයේ සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
තම පුතු හා ස්වාමිපුරුෂයා නිවසට නොපැමිණි බවට බිරිඳ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කුලියාපිටිය පොලිසිය කළ සොයා බැලීමකට අනුව අද (10) අලුයම පියාගේ සිරුරු පාවෙමින් තිබියදී සොයාගෙන තිබිණ.
ප‍්‍රදේශවාසීහු දරුවාගේ සිරුර සොයා මෙහෙයුම් ආරම්භ කර තිබුණත් සිරුර සැඩ පහරට ගසාගෙන යන්නට ඇතැයි සැකකරයි.
වයස අවුරුදු 11ක පමණ පුතකු මෙසේ අතුරුදහන්ව ඇත.