පුත්තලමට ඇද හැළුණ මහ වැසි හේතුවෙන් පුත්තලම කොළඹ මාර්ගයේ ගමන් ගත් වාහන දහසකට වැඩි සංඛ්‍යාවක් පැය 16 කට අධික කාලයක් පාලවිය හා නාගවිල්ලුව ප්‍රදේශවල සිරව තිබු බව වාර්තා වෙයි .
පුත්තලම දිස්ත්‍රික්කයට නොකඩවා දින තුනකට ආසන්න කාලයක් මෙසේ ඇද හැළුණ මහ වැසි හේතුවෙන් සියලුම මාර්ග ගංවතුරින් ඇහිරි තිබු අතර ඒ හේතුවෙන් විවිධ කටයුතු වෙනුවෙන් නිවෙස්වලින් පිටව ගිය දහස් ගනනක පිරිස් නැවත නිවෙස් වෙත පැමිනිමට නොහැකිව වාහනතුළ හා වෙනත් ආරක්ෂීත ස්ථාන වෙත රැදි සිටිමට සිදුව තිබු බව කියයි.
මෙයින් බරපතලම සිදුවිමට මුහුණ දි තිබුනේ පුත්තලම කොළඹ මාර්ගයේ පාලවිය හා නාගවිල්ලුව ආසන්නයේ මාර්ගවල අඩි තුනකට වැඩි ජල කදක් නිසා වාහන ගමන් කිරීමට නොහැකි විම නිසා බව කියයි.
මේ හේතුවෙන් පාලවිය සිට සැතපුම් ගනනාවක් දුරට වාහන මාර්ග මැද නැවති තිබු බවත් පසුව ගංවතුර ක්‍රමයෙන් බැස යාමත් සමග යලි වාහන ගමනා ගමන කටයුතු වලට ඉඩ සලසා දිමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කරන ආකාරය දැක ගත හැකි විය


