රඹුක්කන දොඹේමඩ ප්‍රදේශයේ නිවසකට පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවස සම්පුර්ණයෙන් විනාශ වී තිබේ.
එම අවස්ථාවේදී නිවසේ පුද්ගලයන් 4ක් සිට ඇති බවට වාර්තා වෙයි.
නිවසේ සිටි කාන්තාවක හා දැරියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පියා තුවාල ලබා රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබේ.
මියගිය දැරියන් දෙදෙනා වයස අවුරුදු 8ක හා වයස අවුරුදු 14 ක දැරියන් බවයි වාර්තා වන්නේ.