බඩල්කුඹුර – පස්සර ප්‍රධාන මාර්ගයේ අළුපොත ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී හමුවූ මිනිස් හිස් කබල, මීට මාස කිහිපයකට පෙර කොළඹ වේල්ල වීදිය ප්‍රදේශයේදී ඝාතනය කර හිස කඳින් වෙන් කර ගමන් බෑගයක් තුළ දමා තිබූ කාන්තාවකගේ මළ සිරුර හා සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව මේවනවිට සැක පලව තිබෙනවා.
අධිකරණ නියෝගයක් ලබා ගෙන එම මිනිස් හිස් කබල රජයේ රස පරීක්‍ෂකවරයා වෙත එය යොමු කිරීමට නියමිත බවයි බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපතිවරයා gossipking.lk වෙබ් අඩවියට සඳහන් කළේ.
වයස අවුරුදු 10ක පමණ දරුවෙකු මෙම හිස්කබල දැක පසුව ඒ පිළිබඳව ඔහුගේ සහෝදරියට පවසා ඇති අතර ඇය 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ පිළිබඳව පැමිණිලි කර තිබුණා,
මීට මාස කිහිපයකට පෙර කොළඹ, වේල්ල වීදිය ප්‍රදේශයේදී ඝාතනය කර හිස කඳින් වෙන් කර ගමන් බෑගයක් තුළ දමා තිබූ කාන්තාවකගේ මළ සිරුරක් හමු වූ අතර එහි ඝාතකයා වූයේ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්‍ෂකවරයෙකි.
එලෙස ඝාතනයට ලක් වූ කාන්තාවගේ හිස තවමත් සොයාගෙන නොමැති අතර එම හිස සොයා තවමත් පරීක්‍ෂණ සිදුකරමින් පවතිනවා.