සපුගස්කන්ද ප්‍රදේශයේ ගමන් මල්ලක් තුළ දමා ගොස් තිබී හමු වූ කාන්තාවගේ ඝාතනයට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක කාන්තාව සහ වයස අවුරුදු 36ක ඇගේ ස්වාමිපුරුෂයාගේ හෙළිදරවු කිරීම් මත කැලණිය අපරාධ කොට්ඨාස විමර්ශන අංශය මගින් මළ සිරුර ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් බව කියන ලොරි රථය ද පොලිස් භාරයට ගෙන ඇත.
ඒ අනුව මෙම ඝාතනයට සම්බන්ධ අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක අතර අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
පොලිසිය පැවසුවේ, එම කාන්තාව තවත් කාන්තාවක සහ පුද්ගලයෙකු සමග ගොස් උකස් කර තිබූ රන් ආභරණ බේරාගෙන පැමිණ ඇති අතර පසුව ඇය එම කාන්තාව සමග ත්‍රිරෝද රථයකින් නැවත පිටවත්ව ගොස් සිටියදී අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වන බව ය.
නොවැම්බර් 28 වන දා සිට ඇය අතුරුදන්ව සිටි බවට ඇගේ සැමියා පොලිසියට පැමිණිලි කර තිබිණි.